Saturday, August 30, 2014

Sri Lankan Hot Fashion Model plus TV Presenter Sachi Wickramasinghe

Sachi Wickramasinghe is a gorgeous model & TV Presenter, trained under the able guidance of professional model trainer Vasana Danthanarayana at the V Academy.

Sachi, a 21 year old student currently follows a diploma in film directing became one of the final 16th elegant models who participated Derana Veet Miss Sri Lanka competition this year.

සුජාතා විද්‍යාලයෙන් අකුරු කළ සචී වික්‍රමසිංහ, වාසනා දන්තනාරායනගේ කළමණාකාරිත්වයෙන් ක්‍රියාත්මක වන V Academy නම් නිරූපණ ශිල්පීන් හා ශිල්පිනියන් පුහුණු කිරීමේ ආයතනයේ ශිෂ්‍යාවක ලෙසින් මීට වසර දෙකකට පමණ පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

ඉන් අනතුරුව වෙළඳ දැන්වීම් සහ සංගීත වීඩියෝ කිහිපයක පෙනී සිටීමේ අවකාශය ඇයට ලැබිණි.

2014 වසර සඳහා දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු මිස් ශ්‍රී ලංකා තරඟාවළියට ඉදිරිපත් වූ සචී, එම තරඟයේ අවසන් දහසය දෙනා අතරට එක් වීමට ද සමත් විය.

21 හැවිරිදි සචී වික්‍රමසිංහ, මේ වන විට ස්වාධීන රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහනකට සිය දායකත්වය ලබා දෙන බව "විමසුම" සමඟ සම්බන්ධ වෙමින් ඇය කියා සිටියාය.

චිත්‍රපට අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන සිනමා පටයකට, එළැඹෙන ඔක්තෝබරයේ සිට එක් වීමට ඇයට ආරාධනා ලැබී ඇතැයි ද ඇය එහි දී සඳහන් කළාය.

මේ වන විට චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් සිටින ඇගේ අනාගත බලාපොරොත්තුව චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ උපාධිය ලබා ගැනීම බව ඇය වැඩිදුරටත් අප සමඟ පැවසීය.

No comments:

Post a Comment