Monday, November 24, 2014

Sri Lankan Upcoming Actress Anjalee Gunawardana

Anjalee Gunawardana, an upcoming actress and a law student comes out with vibrant outfits to be photographed by professional photographer Janaka Kandana Arachchi.

"විමසුම" විලාසිතා පිටුවෙන් අද ඔබ හඳුනාගන්නා ඇය නමින් අංජලී ගුණවර්ධන...

මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන් සිප් සතර හැදෑරූ අංජලී, ඉන් අනතුරුව නීතිය පිළිබඳ වැඩි දුර හැදෑරීම සඳහා කොළඹ ප්‍රකට නීති අධ්‍යාපන ආයතනයකට ඇතුලත් වූ අතර මේ වන විට ඇය එහි දෙවන වසර ශිෂ්‍යාවකි.

ප්‍රවීණ රංගන ශිල්පියකු වන මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලේ රංගනය හදාරමින් සිටින ඈ රූපවාහිනිය හරහා ඔබ දැක ඇතුවාය සැකයක් නෑ.

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන Facebook ටෙලි නාට්‍යයේ යුහාරිගේ චරිතයෙන් ඔබ හමුවට එන අංජලී, එම මාධ්‍ය ආයතනය විසින්ම විකාශය කරන ලොක්කී ටෙලි වෘත්තාන්තයේ පාරමීගේ චරිතයටත් රංගනයෙන් දායක වී සිටී.

ටී.එන්.එල් නාලිකාවේ විකාශය වන හඳුනාගත්තොත් ඔබ මා කථා මාලාවටත් ඇය දායක වූ බව ඇය "විමසුම" සමඟ පැවසුවා.

වෙළඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයට ද සිය දායකත්වය සපයා ඇති අංජලී මේ දිනවල ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් ගණනාවක ඔබට දැක ගත හැකි වනු ඇති.

"ඉගෙනීමට බාධාවක් නොවෙන විදියට කලා කටයුතු වලට සම්බන්ධ වෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ," ඇය අවසන් වශයෙන් පැවසුවා.

පහත දැක්වෙන්නේ ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චි විසින් "විමසුම" වෙත ලබා දුන් ඇගේ නවතම ඡායාරූප එකතුවයි.