Saturday, August 30, 2014

Sri Lankan Hot Fashion Model plus TV Presenter Sachi Wickramasinghe

Sachi Wickramasinghe is a gorgeous model & TV Presenter, trained under the able guidance of professional model trainer Vasana Danthanarayana at the V Academy.

Sachi, a 21 year old student currently follows a diploma in film directing became one of the final 16th elegant models who participated Derana Veet Miss Sri Lanka competition this year.

සුජාතා විද්‍යාලයෙන් අකුරු කළ සචී වික්‍රමසිංහ, වාසනා දන්තනාරායනගේ කළමණාකාරිත්වයෙන් ක්‍රියාත්මක වන V Academy නම් නිරූපණ ශිල්පීන් හා ශිල්පිනියන් පුහුණු කිරීමේ ආයතනයේ ශිෂ්‍යාවක ලෙසින් මීට වසර දෙකකට පමණ පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

ඉන් අනතුරුව වෙළඳ දැන්වීම් සහ සංගීත වීඩියෝ කිහිපයක පෙනී සිටීමේ අවකාශය ඇයට ලැබිණි.

2014 වසර සඳහා දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු මිස් ශ්‍රී ලංකා තරඟාවළියට ඉදිරිපත් වූ සචී, එම තරඟයේ අවසන් දහසය දෙනා අතරට එක් වීමට ද සමත් විය.

21 හැවිරිදි සචී වික්‍රමසිංහ, මේ වන විට ස්වාධීන රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහනකට සිය දායකත්වය ලබා දෙන බව "විමසුම" සමඟ සම්බන්ධ වෙමින් ඇය කියා සිටියාය.

චිත්‍රපට අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන සිනමා පටයකට, එළැඹෙන ඔක්තෝබරයේ සිට එක් වීමට ඇයට ආරාධනා ලැබී ඇතැයි ද ඇය එහි දී සඳහන් කළාය.

මේ වන විට චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් සිටින ඇගේ අනාගත බලාපොරොත්තුව චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ උපාධිය ලබා ගැනීම බව ඇය වැඩිදුරටත් අප සමඟ පැවසීය.

Saturday, August 23, 2014

Sri Lankan Model, TV Presenter & Actress Pavithra Madubhani Amarasinghe

Pavithra is an aspiring beauty currently studying law at the University of Colombo apart from her career as a TV presenter at the Rupavahini Cooperation.

පානදුර බාලිකා මහා විද්‍යාලෙයන් මූලික අධ්‍යාපනය ලැබූ පවිත්‍රා මධුභාණී අමරසිංහ නම් ඇය මීට පෙර ඔබ රූපවාහිනියෙන් දැක ඇතුවාට සැකයක් නැහැ.

ජාතික රූපවාහිනියේ විකාශය වන "වාසුලිය" වැඩසටහන ඉදිරිපත් කරන ඇය මේ වන විට කොළඹ සරසවියේ නීති ශිෂ්‍යාවක ද වේ.

බණ්ඩාරගම නගරයේ උපන් පවිත්‍රා මේ වන විට රංගනයට ද අවතීර්ණ වී ඇති අතර නිරූපිකාවක ලෙස ද කටයුතු කරන්නීය.

මේ ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චි විසින් "විමසුම" වෙත ලබා දුන් ඇගේ ඡායාරූප පෙලකි.

Saturday, August 16, 2014

Sri Lankan Upcoming Model Sarangi C Perera

Sarangi is an upcoming model currently active in the modeling arena whilst working as a promotions coordinator and a hair consultant in a private firm.

Vimasuma.com is releasing the splendor side of her life with the photographs captured by professional photographer Janaka Kandana Arachchi.

"විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් ඔබ හඳුනාගන්නා ඇය නමින් සාරංගි සී පෙරේරා...

කොටහේන මධ්‍ය විද්‍යාලයෙන් අකුරු කළ සාරංගි මේ වන විට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රවර්ධන සම්බන්ධීකරණය ක්ෂේත්‍රයට පිවිස ඇති අතර පෞද්ගලික ආයතනයක හිසකෙස් පිළිබඳ උපදේශකවරියක ලෙස ද කටයුතු කරන්නීය.

සාරංගි, නුදුරු අනාගතයේ දී ම තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසු වන බව ඇය "විමසුම" සමඟ සම්බන්ධ වෙමින් සඳහන් කළේය.