Friday, May 2, 2014

Giriraj Kaushalya's new movie 'Suhada Koka'

අප්රේල් 24, 2014 (විමසුම) 2007 වසර තමන් අධ්‍යක්ෂණය කළ සිකුරු හත චිත්‍රපටයෙන් අනතුරුව වඩා හොඳ හාස්‍යමය ගණය ලා සැලකිය හැකි චිත්‍රපටයක් නිර්මාණය නූ බව සිය දෙවන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය පවසයි.

විමසුම සමඟ තම දෙවන අධ්‍යක්ෂණය වන සුහද කොකා පිළිබඳව අදහස් දක්වමින් රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අතිශය ජනප්‍රියත්වයට ාජනය වූ එතුමා ටෙලි වෟත්තාන්තයේ චරිත පාදක කොට ගනිමින් මෙම නව චිත්‍රපටය නිර්මාණය වන බවයි.

"ඡන්දයකින් තේරී පත් වන මන්ත්‍රීවරයකු අවසානයේ ඇමතිවරයක් වෙන කං යන ගමනක් තමයි මේ කතා තේමාවේ තියෙන්නේ. මේ චිත්‍රපටයට අපි සංස්කරණ කටයුතු කරන කොටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා", ගිරිරාජ් අප සමඟ එසේ සඳහන් කළා.

මේ වන විට රූගත කිරීම් නිමා කොට ඇති බවත් ඊයේ දිනයේ එහි සංස්කරණ කටයුතු ආරම්භ කළ බවත් අධ්‍යක්ෂවරයා අනාවරණය කළා.

රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය විමසුම සමඟ පැවසූ අදහස් හා සුහද කොකා චිත්‍රපටය රූගත කරන අතරතුර ලබා ගත් ඡායාරූප පහත දැක්වේ.