අප්‍රේල් 24, 2014 (විමසුම) – 2007 වසරේ තමන් අධ්‍යක්ෂණය කළ සිකුරු හතේ චිත්‍රපටයෙන් අනතුරුව වඩා හොඳ හාස්‍යමය ගණයේ ලා සැලකිය හැකි චිත්‍රපටයක්
නිර්මාණය නොවූ බව සිය දෙවන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය
පවසයි.
විමසුම සමඟ තම දෙවන අධ්‍යක්ෂණය වන සුහද කොකා පිළිබඳව
අදහස් දක්වමින් රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය ප්‍රකාශ කළේ ශ්‍රී
ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට
භාජනය වූ එතුමා ටෙලි වෟත්තාන්තයේ චරිත පාදක කොට ගනිමින් මෙම නව
චිත්‍රපටය නිර්මාණය වන බවයි.
"ඡන්දයකින් තේරී පත් වන මන්ත්‍රීවරයකු අවසානයේ ඇමතිවරයක් වෙන කං යන
ගමනක් තමයි මේ කතා තේමාවේ තියෙන්නේ. මේ චිත්‍රපටයට අපි සංස්කරණ
කටයුතු කරන කොටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා", ගිරිරාජ් අප සමඟ එසේ සඳහන්
කළා.
මේ වන විට රූගත කිරීම් නිමා කොට ඇති බවත් ඊයේ දිනයේ
එහි සංස්කරණ කටයුතු ආරම්භ කළ බවත් අධ්යක්ෂවරයා අනාවරණය කළා.
රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය විමසුම සමඟ පැවසූ
අදහස් හා සුහද කොකා චිත්‍රපටය රූගත කරන අතරතුර ලබා ගත් ඡායාරූප පහත දැක්වේ.
No comments:
Post a Comment