Monday, September 29, 2014

රංගනයෙන් ගායනයට එන කවීෂා (Pics)

සැප් 29, 2014 (විමසුම) – නැගී එන ටෙලි නාට්‍ය නිළියක වන කවීෂා අයේෂානි පසුගියදා සිය 22 වන උපන් දිනය සැමරුවා.

කෝරළේ මහත්තයා හා වාසුළි කන්ද වැනි ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හඳුනාගත් කවීෂා නුදුරේදී ම ගායන ක්ෂේත්‍රයටත් අවතීර්ණවීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

පහත දැක්වෙන්නේ කලා ලෝකයේ දැවැන්තයින් පිරිසක් සමඟ ඇය සිය උපන්දිනය සැමරූ ආකාරයයි.

Saturday, September 27, 2014

Sri Lankan Upcoming Hot Model Thanuja Jayasinghe

Vimasuma.com releases the splendor side of upcoming model Thanuja Jayasinghe with the shadows captured by professional photographer Janaka Kandana Arachchi.

"විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් මේ සතියේ ඔබ හඳුනාගන්නා තනූජා ජයසිංහ, විවිධ පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන් හැඩ කළ නැගී එන නිරූපිකාවකි.

ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ තනූජා අද වන විට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට එමින් සිටින අතර එම ක්ෂේත්‍රයෙන් හිනිපෙත්තට ගමන් කිරීම ඇගේ අනාගත සිහිනයයි.

ඇගේ ආදරණීය පියාගේ වියෝවින් අනතුරුව සිය මව සමඟ ජාඇල ප්‍රදේශයේ කල් ගෙවන ඇයට මීට පෙර අවස්ථා කිහිපයක දී සංගීත වීඩියෝ කිහිපයකට දායකවීමට වරම් ලැබුණු බව ඈ අප සමඟ පැවසුවා.

දැනට බතික් නිර්මාණ සමාගමක් සමඟ ගිවිසුම්ගතව කටයුතු කරන ඇගේ සිත් ඇද ගන්නා සුළු ඡායාරූප පෙළක් "විමසුම" පාඨක ඔබ වෙත මෙසේ දිග හැරෙයි.

Saturday, September 20, 2014

Sri Lankan Upcoming Model & Actress Tania Jayamaha

Tania Jayamaha, an upcoming fashion enthusiast focusing on glamour and glory, comes out with vivid outfits to be photographed by professional photographer Janaka Kandana Arachchi.

"විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් මෙවර ඔබ හඳුනාගන්නා ඇය නමින් ටානියා ජයමහ...

කැළණිය ගුරුකුළ විද්‍යාලයෙන් අකුරු කළ ටානියා, නැගී එන ටෙලි නාට්‍ය නිළියක හා මෝස්තර නිරූපිකාවක වන අතර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියකවීම ඇගේ අනාගත සිහිනයක් බව ඇය අප සමඟ කළ කෙටි සංවාදයේ දී සඳහන් කළේය.

රංගනයට අමතරව නිරූපිකාවක ලෙසින් ද ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් පසුවන ඇය මේ වසරේ දී එම ක්ෂේත්‍රයේ විවිධ තරඟ වලට දායකවීමේ බලාපොරොත්තුවෙන් සිටී.

දැනට පෙම්වතෙක් නැතත් ඉදිරියේ දී ඒ සඳහා ද අපේක්ෂාවක් ඇති බවයි ටානියා "විමසුම" සමඟ දොඩමළු වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇගේ ඡායාරූප ඇල්බමයට එක් වන අලුත්ම ඡායාරූප ගොන්න ටානියා "විමසුම" හා බෙදා හදා ගන්නේ ජානක කඳන ආරච්චිගේ තවත් ඡායාරූ මෙහෙයුමක් අවසන් කරමිනි.