Saturday, September 27, 2014

Sri Lankan Upcoming Hot Model Thanuja Jayasinghe

Vimasuma.com releases the splendor side of upcoming model Thanuja Jayasinghe with the shadows captured by professional photographer Janaka Kandana Arachchi.

"විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් මේ සතියේ ඔබ හඳුනාගන්නා තනූජා ජයසිංහ, විවිධ පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන් හැඩ කළ නැගී එන නිරූපිකාවකි.

ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ තනූජා අද වන විට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට එමින් සිටින අතර එම ක්ෂේත්‍රයෙන් හිනිපෙත්තට ගමන් කිරීම ඇගේ අනාගත සිහිනයයි.

ඇගේ ආදරණීය පියාගේ වියෝවින් අනතුරුව සිය මව සමඟ ජාඇල ප්‍රදේශයේ කල් ගෙවන ඇයට මීට පෙර අවස්ථා කිහිපයක දී සංගීත වීඩියෝ කිහිපයකට දායකවීමට වරම් ලැබුණු බව ඈ අප සමඟ පැවසුවා.

දැනට බතික් නිර්මාණ සමාගමක් සමඟ ගිවිසුම්ගතව කටයුතු කරන ඇගේ සිත් ඇද ගන්නා සුළු ඡායාරූප පෙළක් "විමසුම" පාඨක ඔබ වෙත මෙසේ දිග හැරෙයි.

No comments:

Post a Comment