Saturday, October 11, 2014

Sri Lanka’s Geum Jan-di of Boys Over Flowers, Tanaka Tharaki

Tanaka Tharaki is a multi talented beauty currently dubbing the character of Geum Jan-di in the popular South Korean television series “Boys Over Flowers”.

Vimasuma.com is releasing Tanaka’s photo shoot with a quick retrospective into her life. Make Up: Dusihyanthi Sakuntala

මේ දිනවල අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති "බෝයිස් ඕව ෆ්ලවර්ස්" කොරියානු ටෙලි කථා මාලාවේ හුරුබුහුටි තරුණිය වන ගුම් ජන්-දි ට සිය හඬ කැවීමෙන් දායක වන ඈ නමින් ටනාකා තාරකී.

වයස අවුරුදු තුනක පමණ ළාබාල වියේ සිට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී කටයුතු කරන ඇය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතාගේ දියණියයි.

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ටනාකා සිය දක්ෂතාව පෙන්වා ඇත්තේ හඬ කැවීම් වලින් පමණක්ම නොවේ.

රංගනයෙන්, ගායනයෙන් මෙන්ම නර්තනයෙන් ද සිය හැකියාවන් ඔප්පු කර පෙන්වීමට තරම් ඇය භාග්‍ය සම්පන්න වී ඇති අතර

මීට වසර ගණනාවකට පෙර විකාශය වූ "අවුල්හැරය" ටෙලි නාට්‍යයේ රංගනයට දායක වෙමින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන ටනාකා එකල හතර හැවිරිදි දැරියකි.

එරංග සේනාරත්න මහතාගේ "සැලමුතු සෙනෙහස" ටෙලි නාට්‍යයය හා මෑත කාලයේ තිරගත කෙරුණු "සිරි පැරකුම්" චිත්‍රපටය, ඇය පසුගිය සමයේ රංගනයෙන් දායක වූ නිර්මාණ අතර වේ.

ස්වර්ණවාහිනියේ විකාශය වූ "හපන් පැදුර" ළමා වැඩසටහනේ ළමා ගායිකාවක හා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ද සිය හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමට ඇය සමත් විණි.

උඩරට හා පහත රට නර්තනය පිළිබඳව ද හදාරා ඇති ටනාකා මේ වන විට රංගනය පිළිබඳ කුඩා දරුවනට ඉගැන්වීමේ කාර්යයේ ද නිරත වෙමින් සිටින අතර සිය පියාගෙන් උරුම වූ සංගීත ඥාණය ද දරුවනට බෙදාදීම සිදු කරන්නේ ඉදිරි අනාගතයේ දී එම ක්ෂේත්‍රයන්ගෙන් ගුරුවරියකවීමේ බලාපොරොත්තුවෙනි.

රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් ඒකකයේ අතුල රන්සිරිලාල් මහතා යටතේ සිය හඬ කැවීම් දක්ෂතාවයන් මුලින්ම ප්‍රකට කළ ඈ ළාබාල වියේ දී ම ළමා වැඩසටහන් ගණනාවකට සිය හඬින් දායකවීමට සමත්විණි.

හිරු TV නාළිකාවේ විකාශය වන "ඇරෝ" ඉංග්‍රීසි නාට්‍ය මාළාවේ මෙන්ම ශ්‍රී FM ගුවන් විදුලියේ විකාශය කෙරෙන සාගරේ සේ ආදරේ නාට්‍ය මාළාවේ ද හඬ කැවීම්වල, ටනාකා මේ දිනවල කාර්ය බහුල වී සිටී.

මේ දිනවල ගුම් ජන්-දි ට සිය හඬින් දායක වන ඇගෙන් ඒ සඳහා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳවත් විමසීමට "විමසුම" අමතක කළේ නැහැ.

"ඇත්තෙන්ම මේ දිනවල ගුම් ජන්-දිට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. පාර තොටේ ගියත්, පන්තියකට ගියත්, ෆේස්බුක් එක බැලුවත් පොඩි අයගේ ඉඳලා ගොඩාක් අය ඒ ගැන කථා කරනවා..."

No comments:

Post a Comment