Saturday, October 25, 2014

Sri Lankan Upcoming Model Tharu Bogoda

Tharu Bogoda, an upcoming pretty model with a true dream to become a leading figure in the glamour industry comes out with vivid outfits to showcase her gorgeousness…

"විමසුම" විලාසිතා පිටුවෙන් අද ඔබ හඳුනාගන්නා ඇය නමින් තරු බෝගොඩ...

මාතලේ සංඝමිත්තා බාලිකා පාසලින් සිප් සතර හැදෑරූ තරු, ඉන් අනතුරුව වාසනා දන්තනාරායන මහත්මියගේ “V Academy” නම් නිරූපණ ශිල්ප, ශිල්පිනියන් පුහුණු කරන ආයතනයට බැඳුණේ නිවැරදිව එය හැදෑරීමේ අටියෙනි.

මේ වන විට වසර එක හමාරක පමණ කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන ඇයට කුඩා කළ ගුවන් සේවිකාවකවීමේ සිහිනයක් තිබුණු බව ඈ "විමසුම" සමග කියා සිටියාය.

කෙසේ වෙතත් කුඩා කළ සිටම ඇගේ අනෙක් සිහිනය බවට පත්ව තිබූ නිරූපණ ශිල්පිනියකවීමේ සිහිනය ඈ වර්තමානය වන විට සැබෑ කර ගිනිමින් සිටින්නීය.

මැණික් චන්ද්‍රිකා ගායන ශිල්පිනියගේ "සිකුරු කුමරුනේ" ගීතයේ රංගනයට දායක වෙමින් සංගීත වීඩියෝ ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඇයට අනතුරුව සංගීත වීඩියෝ කිහිපයකට මෙන්ම වෙළඳ දැන්වීම් කිහිපයකටත් පෙනී සිටීම සඳහා අවකාශය සැලසුණි.

No comments:

Post a Comment